ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා කිරීමට කරුණානිධි මධ්‍යම කාරක සභාව කැඳවයි.

Monday, 25 March 2013 - 7:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

මුත්තුවේල් කරුණානිධිගේ නායකත්වයෙන් යුත් තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වනවා. එහිදී ඉන්දියාව ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ඞී.එම්.කේ. පක්ෂයේ අවධානය යොමුකෙරෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එමෙන්ම ඉන්දීය කොංග්‍රස් රජය සමග සිදු කරන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවේදී ඞී.එම්.කේ. පක්ෂයේ අවධානය යොමුවනු ඇති බවයි වාර්තාවන්නේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සහ මෙරට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන්ද යෝජනා කිහිපයක් සම්මත කරගැනීමට ඞී.එම්.කේ. මධ්‍යම කාරක සභාව සූදානම් වනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව මෙරටදී නොපැවැත්වීමටත්, එය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ නම් ඉන්දියාව එයට සහභාගි නොවිය යුතු බව වන යෝජනාවක්ද මීට ඇතුළත්.

 

මේ අතර ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය මට්ටමේ සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා නොකිරීමට තීරණය කර තිබෙනවා. එහි මහ ලේකම් කමලේෂ් ෂර්මා අවධාරණය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලබන වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම අනිවාර්ය බවයි. කැනඩාව ඇතුලූ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට චෝදනා කරමින් අමාත්‍ය මට්ටමේ සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ දරා තිබෙනවා.

 
කෙසේ වෙතත් ලබන මැයි මාසයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය විශේෂඥ සමුළුවක් ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතයි. ඊට ශ්‍රී ලංකාවද සහභාගිවන බවයි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා කියා සිටියේ. එහිදී සංහිදියාව හා නැවත පදිංචිකිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති. මේ අතර උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගය ලබාදීමට සූදානම් බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.