සියලූ ජාතීන්ගේ ආගමික අයිතිය සුරැකිය යුතුයි. ජනපති

Monday, 25 March 2013 - 7:23

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92

සියලූ ජාතින්ගේ ආගමික අයිතීන් සහ සංස්කෘතික අනන්‍යාතාවන් ආරක්ෂා කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ සමන්තුරේ ප්‍රදේශයේ අල් අස්රා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින්.

 
[MP3]s55900[/MP3]

 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට පැමිණ එහි ප්‍රදර්ශන කුටි නැරඹූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ. මේ අතර ඊයේ (25) පස්වරුවේ අරන්තලවේ දී භික්ෂූන් වහන්සේලා 31 නමක් සහ අහිංසක සිවිල් වැසියන් තුන් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම අනුස්මරණය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකට ද ජනාධිපතිවරයා සහභාගි වුණා. එම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අරන්තලා ස්මාරකය එක් ජාතියකට අයත් සංකේතයක් නොව එය ලෝකයේ සාමය අගයන සියලූ ජනාතවගේ සංකේතයක් බවයි. අරන්තලා ස්මාරකය ගොඩ නැගුවේ කිසිදු ජාතියකට වෛර කිරීමට හෝ ගැරහීමට නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ අනුව සතුරාට මෛත්‍රී කරන සමාජයක් නැවත මෙරට ගොඩනැගිය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.