ඔරුගොඩවත්තේ ගින්න ගැන විශේෂ පරීක්ෂණයක්.

Monday, 25 March 2013 - 7:25

%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණයේ පිහිටි අංක දෙක තෙල් ටැංකියේ ගිනි ගැනීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ අකුණක් පතිත වීම හේතුවෙන් එම තෙල් ටැංකියේ ගින්නක් හට ගත්තා. අකුණු සන්නායක සවි කර තිබියදී එවැනි තත්ත්වයක් ඇති වූයේ කෙසේ ද යන්න පිළිබද මූලික වශයෙන් අවධානය යොමු කරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ. තෙල් ටැංකියේ හට ගත් ගින්න පැය කිහිපයකට පසු නිවා දැමුණා. ගින්නෙන් ඇති වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ. අද දිනයේ දී ඒ පිළිබදව විමර්ශනයක් සිදුකරන බව ද ඔහු කියා සිටියා. ගින්නෙන් හානි වූ තෙල් ටැංකියේ අලූත්වැඩියා කටයුතු ද අද දිනයේ දී සිදුකිරීමට නියමිතයි. ඒ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා.

[MP3]s55901[/MP3]


මෙලෙස ගින්න හට ගත් ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණයේ පිහිටි අංක 2 තෙල් ටැංකියේ ගින්න ඇති වන අවස්ථාවේදී බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 42,000 ගබඩා කර තිබූ බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා කියා සිටියා.