ළමුන් ලවා සතුන් මැරවූ තිස්සමහාරාමයේ ළමා නිවාසය ගැන පරීක්ෂණ.

Monday, 25 March 2013 - 12:44

%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

දරුවන් ලවා ඌරන් සහ කුකුළන් ඝාතනය කරවන බව කියන තිස්සමහාරාම - බෝගහපැලැස්ස ළමා නිවාසය පිළිබඳව ළමාරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙම ළමා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටින ළමයින් ලවා මෙම සතුන් ඝාතනය කරන ආකාරය දැක්වෙන ඡායාරූප අද (25) මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ඒ අනුව කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා අද දිනයේම ළමාරක්ෂක අධිකාරියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ළමා නිවාසය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි එහි සභාපතිනි නීතීඥ අනෝමා දිසානායක ප්‍රකාශ කළේ.

[MP3]s55917_1[/MP3]                                

දිවයින පුරා පිහිටි ළමා නිවාස  පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව පසුගිය කාලයේදී ළමාරක්ෂක අධිකාරිය නිරන්තරයෙන් ප්‍රකාශ කළා. එසේනම් මෙම ළමා නිවාසය පිළිබඳව තොරතුරු වාර්තා නොවුණේ මන්දැයි අප සභාපතිනියගෙන් විමසීමක් කළා.

[MP3]s55917_2[/MP3]