තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සිසුන් අනතුරේ. රාවණා බලය හෙළි කරයි.

Monday, 25 March 2013 - 13:18

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A.+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

චෙන්නායි හි පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගි කර නොගන්නා ලෙස බල කරමින් පෙත්සමක් අත්සන් කිරීමට තමිල්නාඩු ශිෂ්‍ය සංවිධානයක් සූදානම් වනවා. නිදහස් ඊලමක් සඳහා වූ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කර ඇති බවයි හින්දු පුවත්පත අනාවරණය කළේ. ඊට අදාළ පෙත්සම චෙන්නා යි හි පොලිස් කොමසාරිස්වරයා වෙත භාරදීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගිවන අයි.පී.එල්. තරඟයක් අප්‍රේල් 6 වැනිදා චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරඟය පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතරයි.

මේ අතර ඉන්දියාවේ විශ්වවිද්‍යාල තුළ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුවී ඇති බව රාවණා බලය සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එරට සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට ඉදිරියේදී ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක මතුව ඇති බවයි.

[MP3]s55921_1[/MP3]

රටේ ස්වෛරී භාවය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරමින්  දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ බවට මෙම සංවිධානය චෝදනා කරනවා. ඔවුන්ට එරෙහිව ගන්නා වූ ක්‍රියාමාර්ගය කුමක්දැයි මෙම මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කථානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

[MP3]s55921_2[/MP3]