තිස්ස ළමා නිවාසයේ දේවගැතිවරයා අත්අඩංගුවට.

Tuesday, 26 March 2013 - 7:39

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



දරුවන් ලවා ඌරන් සහ කුකුළන් ඝාතනය කරවන බව කියන තිස්සමහාරාම - බෝගහපැලැස්ස ළමා නිවාසය පවත්වාගෙන යනු ලැබූ දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර දේවගැතිවරයා අද (26) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. එම දේවගැතිවරයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ළමා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටින ළමයින් ලවා මෙම සතුන් ඝාතනය කරන ආකාරය දැක්වෙන ඡායාරූප ඊයේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා. ඒ අනුව කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඊයේ (25) දිනයේම ළමාරක්ෂක අධිකාරියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ළමා නිවාසය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි එහි සභාපතිනි නීතීඥ අනෝමා දිසානායක ප්‍රකාශ කළේ.