ශ්‍රී ලංකාව ගැන තමිල්නාඩුවේ පෝස්ටර් යුද්ධයක්.

Tuesday, 26 March 2013 - 12:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


ශ්‍රී ලංකාව මුල් කරගෙන තමිල්නාඩුවේ පෝස්ටර් යුද්ධයක් පැන නැගී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා. මෙහි දී තමිල්නාඩුවේ ප්‍රධානතම ප්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙක එම පෝස්ටර් සඳහා එකම ඡායාරූපය යොදා තිබීම ද විශේෂත්වයක්. චැනල් ෆෝ නාලිකාව මගින් ප්‍රසිද්ධියට පත් කළ ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත් බාලචන්ද්‍රන්ගේ ඡායාරූපයක් ශ්‍රී ලංකාව පිළිබද එම පෝස්ටර් බොහොමයකට යොදා තිබූ බව සඳහන්. තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී ශිෂ්‍ය උද්ඝෝෂණවලදී ද එම ඡායාරූපය යොදා ගැනුණා.

ශ්‍රී ලංකාව මුල් කර ගත් තමිල්නාඩු පෝස්ටර් යුද්ධය චෙන්නායි නුවර පමණක් නොව තමිල්නාඩුවේ අනෙකුත් ප්‍රදේශවල ද දක්නට ලැබෙන බවයි එන්.ඞී.ටී.වී. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. මෙහිදී කරුණානිධිගේ ඞී.එම්.කේ පක්ෂය ශිෂ්‍ය උද්ඝෝෂණ සමග මතු වී ඇති වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන බවට ඇතැමුන් චෝදනා නගනවා. මන්මෝහන් සිං රජය ශ්‍රී ලංකාවට එරෙහි තමිල්නාඩු ශිෂ්‍ය උද්ඝෝෂණ මර්ධනය කිරීමට කටයුතු කරන බව ඊයේ (25) පැවැති ඞී.එම්.කේ. පක්ෂ විධායක කමිටු රැස්වීමේ දී ද සඳහන් කෙරුණා. එහෙත් 2009 වසරේ මෙරට යුද්ධයේ අවසන් සමයේ දී තමිල්නාඩුවේ පාලන බලය හිමි වූයේ කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂයටයි. ඔවුන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් දැන් කිඹුල් කඳුළු සලන බවට තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා චෝදනා කළා. කෙසේ නමුත් ජයලලිතාට ද ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේ කීර්තිමත් ඉතිහාසයක් නොමැති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ. කරුණානිධිගේ පක්ෂයේ ජනප්‍රියත්වය බිද වැටීමේ වාසිය දැන් ජයලලිතාට හිමි වී ඇති බව ඔවුන්ගේ අදහසයි.