භික්ෂූන් වහන්සේලා පිරිසක් ජයලලිතා හා කරුණානිධි හමුවීමට අවස්ථාවක් ඉල්ලයි.

Tuesday, 26 March 2013 - 18:48

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


තමිල්නාඩුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය පිළිබඳ එම ප්‍රාන්තයේ දේශපාලන අධිකාරිය සමග සාකච්ඡා කිරීමට මෙරට මහා සංඝරත්නය සූදානම් වනවා. තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්, ඞී.එම්.කේ. පක්ෂ නායක එම්.කරුණානිධි ඇතුලූ නායකයින් හමුවීමට තමන් වහන්සේලා බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා මහ බෝධි සංගමයේ ලේඛකාධිකාරී පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සඳහන් කළේ. තමිල්නාඩු දේශපාලන නායකයින් හමුවීමට තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ කාන්තා ගෙන් ඉල්ලීමක් කළ බවයි තීනියාවල පාලිත හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මෙම හමුවට පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්, මාදුළුවාවේ සෝභිත හිමියන්, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ද එක්ව සිටියා. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිළි කරන පූජ්‍ය තීනියාවල පාලිත හිමියන්.

[MP3]s56001[/MP3]