ආරක්ෂාව නැත්නම් IPL වලට අපේ ක්‍රීඩකයන් නැහැ.

Tuesday, 26 March 2013 - 18:55

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+IPL+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

ලබන අප්‍රේල් 3 වැනිදා ආරම්භ වන අයි.පී.එල්. තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රිඩකයින්ගේ ආරක්ෂාව සහතික කරන්නේ නම් පමණක් ඔවුන් ඊට සහභාගි කරවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. අයි.පී.එල්. තරඟ සඳහා සහබාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින් ක්‍රිීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

[MP3]s56002[/MP3]
 
මේ අතර අයි.පී.එල්. තරඟ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි ඔවුන් දන්වා ඇත්තේ. පවතින තත්ත්වය සමීපව නිරීක්ෂනය කරන බවත් යම් හෙයකින් නොසන්සුන්කාරී තත්ත්වය උත්සන්න වුවහොත් තමිල්නාඩුවට නොපැමිණෙන ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට දන්වන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.