ක්‍රීඩාවට දේශපාලනය ඈදීම අවාසනාවන්ත තත්ත්වයක්. - ප්‍රසාද් කාරියවසම්.

Wednesday, 27 March 2013 - 7:58

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%88%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.++-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B6%B8%E0%B7%8A.


ක්‍රීඩාවට දේශපාලනය ඈදා ගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් පවසනවා. තමිල්නාඩු මහ ඇමතිනිය විසින් අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත යැවූ ලිපිය පිළිබද සිය කණස්සල්ල පළ කරන බවයි මහකොමසාරිස්වරයා විදෙස් මාධ්‍යයක් වෙත ප්‍රකාශ කර ඇත්තේ. මෙවැනි තත්ත්වයන් ඉන්දීය උපමහද්වීපය තුළ අපේක්ෂා නොකරන බව ද ඔහු කියා සිටියා. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තම රටේ සම්පතක් බවත් ඔවුන් ආරක්ෂා කිරීම රටේ වගකීම බවත් මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 
කෙසේ වෙතත්, ඉන්දීය මධ්‍යම රජයේ සන්නිවේදන අමාත්‍ය මනීස් තිවාරි ප්‍රකාශ කළේ තමිල්නාඩු මහ ඇමතිනිගේ ලිපියට අග්‍රාමාත්‍යවරයා සිය රට පැමිණි පසු ප්‍රතිචාරයක් ලබාදීමට සූදානම් බවයි. මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රටින් බැහැරව පසුවනවා.