වකුගඩු රෝග මර්දනයට අමාත්‍යාංශ 3 ක්.

Wednesday, 27 March 2013 - 12:39

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+3+%E0%B6%9A%E0%B7%8A.

උතුරුමැද පළාතේ පැතිර යන වකුගඩු රෝගය මර්දනය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළාත් පාලන අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. මෙහිදී වකුගඩු රෝග ව්‍යාප්තියට අදාළව එක් එක් අමාත්‍යාංශවලට පැවරෙන කාර්්‍යයන් එම අමාත්‍යාංශය විසින් පත් කළ වෙනම නිලධාරි මණ්ඩලයක් විසින් නිරීක්ෂණය කෙරෙනු ඇති.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත තවදුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක.

[MP3]s56047_1[/MP3]

මේ අතර, උතුරුමැද පළාතේ පිහිටි සියලූම ළිං ජලය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ආරම්භ කර තිබෙනවා. එම ජලයෙහි වකුගඩු රෝග ව්‍යාප්තිය සඳහා හේතුවන බැර ලෝහ හා වෙනත් රසායනික සංඝටක තිබේ ද යන්න සොයා බැලෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.
 
[MP3]s56047_2[/MP3]