මුරලි කනස්සල්ලෙන්. - I.P.L වර්ජනය කළ යුතුයි. - අර්ජුන.

Wednesday, 27 March 2013 - 12:47

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.+-+++++++++++++++++++++++++++I.P.L+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1.



චෙන්නායිහි පැවැත්වෙන අයි.පී.එල් තරගවලින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉවත් කර තිබියදී සෙසු තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර ඇති බව    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති කෙන් ද අල්විස් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා කිි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ද ප්‍රකාශ කළේ ක්‍රීඩකයන් අයි.පී.එල් තරග සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බැවින් එම ක්‍රීඩකයින් අදාළ තරග සඳහා සහභාගි වනු ඇති බවයි.

කෙසේ වෙතත්, අයි.පී.එල් තරගාවලියේ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කරන මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවරදී එන්.ඞී.ටී.වී රූපවාහිනිය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවතින තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා.

[MP3]s56048_1[/MP3]                                                         

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ප්‍රතික්ෂේප කර ඇති මොහොතක ඉතිරි ක්‍රීඩකයින් ද අයි.පී.එල් තරගාවලිය වර්ජනය කළ යුතු බවයි. හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකථන සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

[MP3]s56048_2[/MP3]

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු වුවහොත් පමණක් ඔවුන් අයි.පී.එල් තරග සඳහා සහභාගි කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

[MP3]s56048_3[/MP3]