ජාතිවාදී SMS වලට වැට.

Wednesday, 27 March 2013 - 15:56

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+SMS+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7.

මහජනයා තුළ ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් ඇතිකරමින් ජනතාව කුපිත වන ආකාරයෙන් ජංගම දුරකථන හරහා කෙටි පණිවුඩ මුදා හරින පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජාතිවාදි හා ආගම්වාදී හැඟීම් ඇතිකරන කෙටි පණිවුඩ ජංගම දුරකථන ඔස්සේ හුවමාරු වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවැනි ක්‍රම භාවිතා කරමින් මහජන කැළඹීම් ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් 011 232 0145 සහ 011 232 0141 යන දුරකථනවලට දැනුම් දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන.

 

[MP3]s56062_1[/MP3]

 

මේ අතර දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මුස්ලිම් ජනතාව බියගැන්වීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති හෙයින් එවැනි අසත්‍ය ප්‍රචාරයන්ට හසු නොවන ලෙසට මහජනතාවට පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන.

[MP3]s56062_2[/MP3]