මාතලේ සමූහ මිනී වල 87 - 90 කාලයට අයත් බව හෙළිවේ.

Thursday, 28 March 2013 - 7:40

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B6%BD+87+-+90+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A.

මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල වාර්තාවලට අනුව මෙය 1987 - 1990 කාලයට අයත් බව හෙළිව තිබෙනවා. කැළනිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඊයේ මාතලේ දිසා අධිකරණයට ඉදිරිපත් කළා. එම වාර්තාව සළකා බැලීමෙන් අනතුරුවයි මාතලේ දිසා අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙය ප්‍රකාශ කළේ.  මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවල සොයා ගැනුනේ ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම්වලදියි. ඉකුත් වසරේ නොවැම්බර් 23 වැනිදා ආරම්භ වූ එම කැණීම්වලින් පසුව මිනිස් ඇටසැකිලි 154 ක අස්ථි කොටස් වරින් වර හමුවුණා. අදාළ අස්ථි කොටස් සහ වෙනත් ද්‍රව්‍ය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කෙරුනේ මෙය කිසියම් අපරාධ සිදුවීම් දාමයක් හා සම්බන්ධ බවට සැක පළවීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් පරීක්ෂනයක් සිදුකළා. ඔවුන්ට පැවරී තිබුණේ මෙම අස්ථි කොටස් සහ අනෙකුත් ද්‍රව්‍ය කුමන කාලසීමාවකට අයත්ද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමයි. ඒ අනුවයි ඔවුන් විසින් එම පරීක්ෂණ සිදුකොට වාර්තාවක් ඊයේ දිනයේදී උසාවියට ඉදිරිපත් කෙරුණේ. ඒ අනුව වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම සඳහා ලබන මස 8 වැනිදා දක්වා වැඩිදුර විභාගය කල්තබනු ලැබුවා.

 

කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව සමූහ මිනී වල සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට මීට පෙර මෙලෙස අදහස් පළ කළා.

 [MP3]s56091[/MP3]