පැපිලියාන නොසන්සුන් කළ සැකකරුවන් හඳුනා ගැනේ.

Friday, 29 March 2013 - 13:14

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

පැපිලියානේ වෙළඳ ගොඩනැගිල්ලකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන පවසනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සැකකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවටද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශ්වාසය පළ කළා.

ඊයේ (28) රාත්‍රියේ සිදුවු මෙම සිදුවීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලැබූ අතර, එය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට සිදුවුණා. කෙසේ වෙතත්, මෙම පහරදීමේ සිද්ධියට තම සංවිධානයේ සම්බන්ධයක් නොමැති බවයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති හිමියන් ප්‍රකාශ කළේ.

[MP3]s56172[/MP3]                    

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අදාළ වෙළඳ ආයතනයද මාධ්‍ය හමුවක් අද පස්වරුවේ කැඳවා තිබෙනවා.