ජාතික කෞතුකාගාරයේ දැව පියගැට පෙළක් කඩා වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂඥ දැනුමින් යුතු ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය පවසනවා. අමාත්‍ය ජගත් බාලසූරිය කියා සිටියේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඞී.ජී. සමරසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කරන බවයි. එමෙන්ම, කඩා වැටුණු පියගැට පෙළ යළි ප්‍රතිසංස්කරණය කරන තුරු ජාතික කෞතුකාගාරය නැවත දැනුම්දෙනතුරු වසා තබා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
[MP3]s56173_1[/MP3]
ජාතික කෞතුකාගාරයේ දැව පියගැට පෙළක් කඩා වැටීමෙන් එය නැරඹීමට පැමිණි පාසල් සිසුන් 27 දෙනෙකු ඇතුළු තවත් 36 දෙනෙකු ඊයේ (28) තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් 18 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට පමණ සුළු සැත්කම් සිදුකළ බවයි.
[MP3]s56173_2[/MP3]
මේ අතර, මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණු පාසල් සිසුන් කිහිප දෙනෙකු හිරු ප්රවෘත්ති අංශය වෙත තමන් මුහුණ පෑ අත්දැකීම මෙලෙස පැහැදිලි කළා.
[MP3]s56173_3[/MP3]