කැබිනට් මණ්ඩලය රැස්කරන්න - ඇමති හකීම්ගෙන් ජනපතිට ඉල්ලීමක්.

Friday, 29 March 2013 - 18:30

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

පැපිලියානේ වෙළඳ ගොඩනැගිල්ලකට කිසියම් පිරිසක් ප්‍රහාර එල්ල කිරීමත් සමග මතු වී ඇති වාතාවරණය සාකච්ඡා කිරීමට කඩිනමින් කැබිනට් මණ්ඩලය රැස් කරන ලෙස අමාත්‍ය රවුෆ් හකීම්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තමන් ආණ්ඩුවේ සිටින අනෙකුත් මුස්ලිම් අමාත්‍යවරුන් සමග ද සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 
[MP3]s56197[/MP3]                                                     

 
මෙම වෙළද ගොඩනැගිල්ලට කිසියම් පිරිසක් ඊයේ (28) රාත්‍රියේ දී පහර දුන් අතර, එහිදී තුන්දෙනෙකුට තුවාල සිදුවුණා. සිද්ධිය ආවරණය කිරීමට ගිය හිරු ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු ද ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාර වලින් තුවාල ලැබුවා.