IPL යන්න එපා. - රාවණා බලයෙන් සංදේශයක්.

Friday, 29 March 2013 - 19:03

IPL+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී නොකරන ලෙස ඉල්ලමින් අද (29) දිනයේත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සංදේශයක් භාරදෙනු ලැබුවා. ඒ, රාවණා බලය සංවිධානය විසින්. ඊයේ (28) දිනයේද ජාතික සංඝ සම්මේලනය විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සංදේශයක් භාරදීමට කටයුතු කරනු ලැබුවා. අද (29) දිනයේ සංදේශය භාරදීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්.

 

[MP3]s56204_1[/MP3]                                                                               

 

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අයි.පී.එල්. තරගාවලිය සඳහා සහභාගීවීමට නොහැකි වාතාවරණයක් ඇතිවීමට රජය වගකිව යුතු බවයි.

 

[MP3]s56204_2[/MP3]                                                                                           

 

සිවිල් සංවිධාන සිදුකර ඇති මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය කුමක්දැයි හිරු ප්‍රවෘත්ති අංශය එහි සභාපති උපාලි ධර්මදාසගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ අයි.පී.එල්. තරගාවලිය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් සහභාගීවීම වැළැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි බවයි. අයි.පී.එල්. තරගාවලියට සහභාගීවීම හෝ නොවීම අදාළ ක්‍රීඩකයින් සතු අයිතියක් බවයි ඔහු කියා සිටියේ.

 

[MP3]s56204_3[/MP3]                                                                                       

 

මේ අතර, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් අයි.පී.එල්. ගැටළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ දේශපාලනය සහ ක්‍රීඩාව පටලවා නොගත යුතු බවයි.

 

ලබන අප්‍රේල් මස 3 වැනිදා ආරම්භ වන අයි.පී.එල්. තරඟාවලිය දකුණු ඉන්දියාවේ චෙන්නායි ඇතුළු ඉන්දියාවේ තවත් නගර 12 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. කණ්ඩායම් 9 ක් යටතේ පැවැත්වෙන තරඟාවලියට සහභාගිවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සංඛ්‍යාව 13 ක්.