ජයලලිතාගේ හීනය අගමැතිවීමයි. - කරුණානිධිගෙන් චෝදනා.

Saturday, 30 March 2013 - 8:29

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූ මුල් කරගෙන කොංග්‍රස් සන්ධාන රජය බිද හෙලා ඉන්දියාවේ අගමැති ධුරය ලබා ගැනීම තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අරමුණ බව ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධි පවසනවා. මේ නිසා මේ මොහොත් කොංග්‍රස් රජය බිද හෙලීම සිය අරමුණක් නොවන බව ඔහු ඊයේ කියා සිටියා. ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාව දැඩි කිරීම සඳහා කටයුතු නොකළ බව පවසමින් කරුණානිධිගේ ඞී.එම්.කේ පක්ෂය දැන් කොංග්‍රස් සන්ධානයෙන් ඉවත්ව සිටිනවා. එහෙත් ලෝක් සභාව තුළ කොංග්‍රස් සන්ධානයට කරුණානිධිගේ සහාය ලැබෙන බව නොරහසක්. ඔහු ඊයේ (29) තවදුරටත් ප්‍රකාශ කළේ තම පක්ෂය කොංග්‍රස් සන්ධානයෙන් ඉවත්වීමත් සමග ඇතැම් කණ්ඩායම් ප්‍රතිරූප ගොඩනැගීමට උත්සාහ කරන බවයි. ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂය මෙහිදී කරුණානිධිගේ ඉලක්කය වී ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා. තම පක්ෂය කොංග්‍රස් සන්ධානයෙන් ඉවත්වීම නිසා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යහපත් වී නොමැති බවයි ඔහු ඊයේ කියා සිටියේ.