මහාචාර්ය සුචරිත ගම්ලත් අභාවප්‍රාප්ත වෙයි.

Saturday, 30 March 2013 - 8:51

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලාව වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය සුචරිත ගම්ලත් අද අලූයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79ක්. මීට දින 5කට පමණ පෙර ඔහු කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබෙනවා. සිංහල විද්වතෙකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් ඉන්දියානු භාෂාවන් පිළිබදව ද ප්‍රවීණයෙකු වූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා සහ සාහිත්‍ය අංශයේ ආරම්භක මහාචාර්යවරයා ලෙස ද කටයුතු කළා. ඔහු විසින් රචිත ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂය මෙරට විද්‍යාර්ථයින්ට මහඟු සම්පතක් ලෙස සැලකිය හැකියි. රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කළ පසු එහි ද කලා පීඨයේ ප්‍රධානත්වය දැරූ මහාචාර්ය සුචරිත ගම්ලත් ආචාර්ය උපාධිය ලබා ගත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්. ගත් කතුවරයෙකු, විචාරකයෙකු සහ ගුවන් විදුලි සම්පත් දායකයෙකු වූ මහාචාර්ය සුචරිත් ගම්ලත් මෙරට කලා ක්ෂේත්‍රයේ කමිටු සහ මණ්ඩල රැසක සාමාජිකත්වය දරා තිබෙනවා.

 

මහාචාර්ය සුචරිත ගම්ලතගේ ජීවන ගමනේ සුවිශේෂී සංධිස්ථානය යාපනය සරසවියයි. ඔහු එම විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යානාංශය අරඹන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ධර්මසේන පතිරාජයන් සහභාගි කර ගනිමින්. ඒ මතකය මහාචාර්ය සුනිල් ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට අවධි කළේ මෙලෙසයි.

 

[MP3]s56224_1[/MP3]

 

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි මහාචාර්ය සුනිල් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

 

[MP3]s56224_2[/MP3]