පැපිලියානේ සිද්ධිය ගැන 6 ක් අත්අඩංගුවේ.

Saturday, 30 March 2013 - 12:47

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

පැපිලියානේ වෙළඳ ගොඩනැගිල්ලකට කිසියම් පිරිසක් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කටයුතු පුද්ගලයන 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන පවසනවා. මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර අද දිනය තුළ මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඔවුන් ඉදිරිපත් කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 04 ක් පරීක්ෂණ සිදු කෙරෙනවා.

 

පැපිලියාන මංසන්ධියේ වෙළදසැලක් සහ එහි ගබඩාවකට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කළ අතර, එහිදී පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබාරෝහල් ගත කෙරුණා. එම අවස්ථාව ආවරණය කිරීමට ගිය හිරු ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ද එහිදී ප්‍රහාරයට ලක්වූ අතර කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට සිදුවුණා.

 

පැපිලියානේ මෙම සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ   ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි සිදුවීම් සිදු නොවිය යුතු බවයි.

 
[MP3]s56231_1[/MP3]

 

මේ අතර, යටිනුවර ප්‍රදේශයේ ඊයේ (29) පැවැති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර කියා සිටියේ මෙරට සිටින ඇතැම් පුද්ගලයින් ජාතිවාදී හැගීම් අවුලවමින් නවනීදන් පිල්ලේගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට තවමත් උත්සාහ දරමින් සිටින බවයි.

 

[MP3]s56231_2[/MP3]