දෙමළ සන්ධාන කාර්යාලයකට ගල්මුල් ප්‍රහාරයක්.

Saturday, 30 March 2013 - 18:40

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි කාර්යාලයකට අද (30) දහවල් පහරදීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ එම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණු පිරිසක් අතර සිටි කිහිපදෙනෙකු මෙම ගල්මුල් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කරන බවයි. එහිදී කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.   

[MP3]s56249_1[/MP3]

මේ අතර, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් අසත්‍ය බවයි.

[MP3]s56249_2[/MP3]