ශ්‍රී ලංකාවට එරෙහි තනි යෝජනා බැහැ - ඉන්දියාව.

Saturday, 30 March 2013 - 18:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.

ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තනි යෝජනා ඉදිරිපත් කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන නාරායන් සාමි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඉන්දීය මධ්‍යම රජයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනත් රටක් ගෙන එන යෝජනාවකට සහය දැක්වීම හෝ ඊට යම් සංශෝධනයක් ඉදිරිපත් කිරීම පමණක් සිදුකළ හැකි බවයි. අමාත්‍ය නාරායන් සාමි මෙම අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩුව තුළ පවතින ගැටලූව පිළිබඳව අදහස් දක්වමින්.

මුත්තුවේල් කරුණානිධිගේ ඞී.එම්.කේ පක්ෂය සහ ටි‍්‍රනමූල් කොංග්‍රසය මන්මෝහන් සිං රජයෙන් ඉවත්වීමත් සමඟ ඉන්දීය ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව ගැටලූවක් මතු වුණා. මේ වනවිට තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ ඒ.ඞී.එම්.කේ පක්ෂයේ සහය කොංග්‍රස් සන්ධානයට ලබා ගැනීම සඳහා එහි නියෝජිතයන් සමඟ කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි සාකච්ඡා කරමින් සිටින බවයි ඉන්දීය ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, තවමත්, ඉන්දීය කොංග්‍රස් ආණ්ඩුව ශක්තිමත් බව අමාත්‍ය නාරායන් සාමි සඳහන් කළා. වත්මන් රජය ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු සේවයක් ඉටු නොකර දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට එල්ල වන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කරනවා. තමිල්නාඩු ශිෂ්‍ය සංවිධාන පිටුපස විවිධ දේශපාලන කණ්ඩායම් ක්‍රියාත්මකයි. ඔවුන් මෙම අවස්ථාවේදී දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බව නාරායන් සාමිගේ අදහසයි.

ඞී.එම්.කේ සහ ටෙ‍්‍රනාමුල් පක්ෂවල ඉවත්වීම සහ සමාජවාදී පක්ෂය ද කොංග්‍රස් සන්ධානයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දීය ලෝක් සභාවේ කොංග්‍රසයට හිමි බලය පිළිබඳව ගැටලූවක් මතුවුණා. එය තවමත් පවතින්නේ අවිනිෂ්චිත මට්ටමකයි. ඔවුන්ට ලෝක් සභාව තුළ දැනට මන්ත්‍රී ධුර 281 ක් හිමිව තිබෙන අතර, සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනා ඉවත්වුවහොත්, බහුතර බලයක් විපක්ෂයට හිමිවනවා.