ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව විධායක සභාව පත්කර ගනී.

Saturday, 30 March 2013 - 19:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව අද (30) පත් කෙරුණා. එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ රැස්වූ අතර එහිදී වසර 10 ට වැඩි සේවා කාලයකින් යුත්, නීතීඥවරුන් 6 දෙනෙකු, වසර 10 ට අඩු සේවා කාලයකින් යුත්, නීතීඥවරුන් දෙදෙනෙකු ඡන්දයෙන් විධායක සභාවට පත්වී තිබෙනවා. මීට අමතරව, තවත් කලාප නියෝජ්‍ය සභාපතිවරු 21 දෙනෙකු අද (30) දිනයේ විධායක සභාව සඳහා පත් කෙරුණු බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්, නීතීඥ සංජය ගමගේ පැවසුවේ.

[MP3]s56258_1[/MP3]          

මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරිය නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය කොළඹ රාජකීය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා. මෙම අවස්ථාව සඳහා හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට ද ආරාධනාවක් සිදුකර ඇති බව නීතීඥ සංජය ගමගේ සඳහන් කළා.

[MP3]s56258_2[/MP3]