මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාට උසස්වීමක්.

Sunday, 31 March 2013 - 7:28

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ. කාන්තා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස පත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙසයි ඔහු පත් කෙරෙන්නේ. ඒ සඳහා ඔහුගේ නම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කළා. ඉන්දීය කොංග්‍රස් සන්ධානයේ විවිධ දේශපාලන කණ්ඩායම් අශෝක් කේ කාන්තා පිළිබඳ විවිධ මත පළ කළද ඔහුගේ පත්වීමට එකඟත්වය පළකර ඇති බව සඳහන්. ඔහු ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය යශ්වාන්ත් සිංහා ගේ බෑණනුවන්ද වනවා. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස මෙන්ම කලාපයේ රාජතාන්ත්‍රික කටයුතුවලදී දක්වා ඇති වෘත්තීයමය කුසලතා ඔහුට මෙම නව තනතුර ලබාදීමට හේතුව බවයි ඉන්දීය පුවත්පත් සඳහන් කළේ. මතබේදයට ලක්වී ඇති දකුණු චීන මුහුදේ ඉන්දීය හිමිකම් පිළිබඳව කටයුතු කිරීම ඔහුට පැවරෙන වගකීමක්.