නගරාන්තර දුම්රිය ගාස්තු හෙට සිට ඉහළට.

Sunday, 31 March 2013 - 12:58

%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

කොළඹ සිට මහනුවර, මඩකලපුව සහ අනුරාධපුරය වෙත ක්‍රියාත්මක වන නගරාන්තර දුම්රිය සේවාවන්හි ගාස්තු හෙට (01)  සිට ඉහළ නැංවෙනවා. ඒ අනුව කොළඹ සහ මහනුවර අතර දෙවන පන්තියේ ගාස්තුව රුපියල් 220 සිට 280 දක්වාත් පළමු පන්තියේ ගාස්තු රුපියල් 360 සිට 500 දක්වාත් ඉහළ නැංවෙනවා. කොළඹ - මඩකලපුව දෙවන පන්තියේ ගාස්තු රුපියල් 500 සිට 580 දක්වාත් නිදන මැදිරි ගාස්තු රුපියල් 750 සිට 1250 දක්වාත් ඉහළ නැංවෙනු ඇති. මීට අමතරව උඩරට මැණිකේ ඇතුලූ දුම්රියවල වායු සමනය කළ සහ නිදන මැදිරි ගාස්තු ද රුපියල් 750 සිට 1250 දක්වා ඉහළ දමා ඇති බවයි දුම්රිය වාණිජ අධිකාරී ජී.ඩබ්ලිව්.එස්. සිසිර කුමාර කියා සිටියේ.

කොළඹ - නුවර නැරඹුම් මැදිරි ගාස්තුවද හෙට සිට රුපියල් දහසක්. කොළඹ සහ අනුරාධපුර අතර නගරාන්තර දුම්රියේ දෙවන පන්ති ගාස්තුව රුපියල් 380 සිට 480 දක්වා ඉහළ නැංවෙන අතර වෙන් කළ ආසන සඳහා ගාස්තුව රුපියල් 450 සිට 500 දක්වා ඉහළ නැංවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් සාමාන්‍ය දුම්රිය ගාස්තු ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බවයි දුම්රිය වාණිජ අධිකාරීවරයා තවදුරටත් සඳහන් කළේ.

[MP3]s56282[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More