මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය හදිසියේ රැස්වෙයි.

Sunday, 31 March 2013 - 18:40

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පවතින තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (30) හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පක්ෂ මූලස්ථානය වන දරුසලාම් හි පැවැති මෙම හමුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටි බවයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෆීක් රාජාබ්දීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. පවතින තත්ත්වය පිළිබදව නැගෙනහිර පළාතේ ජනතාවගෙන් මතු වූ බලපෑම් හේතුකොටගෙන මෙම හදිසි රැස්වීම කැඳවීමට සිදුවූ බව ද ඔහු කියා සිටියා. කෙසේ වෙතත්, ඇතැම් පිරිස් ආගමික ගැටළු ඇති කිරීමට උත්සාහ කළ ද ඉදිරියටත් රජයට සහයෝගය ලබාදෙන බව පක්ෂ නායක රවුෆ්  හකීම් මෙහිදී සහතික වූ බවයි රෆීක් රාජාබ්දීන් සඳහන් කළේ.

 
[MP3]s56310[/MP3]