පැපිලියානේ සිදුවීමට රජයේ සම්බන්ධයක් නැහැ. - ඇමති මෛත්‍රීපාල.

Sunday, 31 March 2013 - 18:53

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.++-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD.

පසුගිය දා පැපිලියාන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදත් විවිධ අදහස් පළ වුණා. පැපිලියාන ප්‍රදේශයේ දී පෞද්ගලික ව්‍යාපාරික ආයතනයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය සංවිධානයේ සම්බන්ධයක් නොමැති බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි කියා සිටියා. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ එම සංවිධානය විසින් කැළණිය ප්‍රදේශයේ අද (31) සංවිධාන කර තිබූ සමුළුවකට එක්වෙමින්.

[MP3]s56311_1[/MP3]

rn


මහජනතාව අතර රජයේ ජනප්‍රියතාවය බිඳ වැටෙමින් පවතින අවස්ථාවක එය මඟහරවා ගැනීම සඳහා දකුණේ ආගමික සහ වාර්ගික බෙදීම් ඇති කරමින් දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට උත්සාහ දරණ බව එක්සත් ජාතික පක්ෂ පවසනවා. මහරගම ප්‍රදේශයේ අද (31* පැවැති රැස්වීමට එක්වෙමින් එහි  මහලේකම් තිස්ස අත්තනායක මේ බව සදහන් කළා.

[MP3]s56311_2[/MP3]

මේ අතර, පසුගිය දා පැපිලියාන ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලකට පහරදීම හා රජය අතර කිසිම සම්බන්ධයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ අද (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. පැපිලියානේ රෙදිපිළි අලෙවි සැලකට පසුගිය දා එල්ල වූ ප්‍රහාරය පිළිබදව ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම ප්‍රහාරය තරයේ හෙළා දකින බවයි.  

 
[MP3]s56311_3[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More