උතුරේ මැතිවරණයට පෙර විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක්.

Sunday, 31 March 2013 - 20:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



උතුරු පළාත් සභා ඡුන්දය පැවැත්වීමට පෙර ස්වාධීන කොමිසම් සභා ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. කල්කුඩා හිදී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද (31) අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ උතුරේ දේශපාලන කටයුතුවල යෙදෙන ප්‍රතිවාදීන්ට එරෙහිව ගැටළු ඇති වී ඇති හෙයින් මෙම පියවර ගත යුතු බවයි. පසුගිය 30 වන දා කිලිනොච්චියේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ රැස්වීමක් පැවැති අවස්ථාවක ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට මූලික වූ පුද්ගලයන් අත්අඩංගුවට ගත්ත ද පසුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා. සාමාන්‍ය දේශපාලන කටයුතුවලට පවා මෙවැනි අයුරින් බාධා සිදුවන්නේ නම් උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් සහ සාධාරණ අන්දමින් පැවැත්වීම පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

rn

 



කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද
Saturday, 06 June 2020 - 9:05

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More

සතියක් තුළ කොරියාවේදී ශ්‍රී ලාංකිකයින් 3ක් මිය යයි
Saturday, 06 June 2020 - 8:31

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්... Read More