කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුම ඉහළට.

Monday, 01 April 2013 - 13:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.


 

 
උතුරු කොරියාව, දකුණු කොරියාවට ප්‍රහාරයක් එල්ල කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග කොරියානු අර්ධද්වීපය තුළ යුද උණුසුම මේ වනවිට තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. දකුණු කොරියාව හා ඇමරිකාව උතුරු කොරියාව ආසන්නයේ යුද අභ්‍යාසයක් සිදු කිරීම මෙම උණුසුම ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එම යුද අභ්‍යාසයේදී උතුරු කොරියාවට යම් බලපෑමක් සිදුවුවහොත් ඔවුන් දකුණු කොරියාවට ප්‍රහාර එල්ලකිරීමට සූදානම් බවයි. පසුගිය පෙබරවාරි 12 වැනිදා උතුරු කොරියාව විසින් සිය තෙවන න්‍යෂ්ටික අත්හදා බැලීමද සිදුකරනු ලැබුවා. ඉන් පසුව ජගත් සංවිධානය ප්‍රමුඛ ඇමරිකාව තමන්ට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීම උතුරු කොරියාවේ උදහසට ලක්ව තිබෙනවා. මේ අතර නවතම විදෙස් වාර්තා සඳහන් කළේ එෆ් 22 නැමති නවීන පරපුරේ ප්‍රහාරක ජෙට් යානා ඇමරිකාව විසින් කොරියානු යුද අභ්‍යාසය සඳහා යොදාගෙන ඇති බවයි.



ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More