යුදමය තත්ත්වයක් ඇතිවුවහොත් කොරියානු අර්ධද්වීපයේ මෙරට ශ්‍රමිකයන් ගෙන්වාගැනීම ගැන රජයේ අවධානය.

Monday, 01 April 2013 - 13:08

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A++%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.


දකුණු කොරියාවට, උතුරු කොරියාව විසින් හදිසි ප්‍රහාරයක් එල්ල කළහොත් එරට සිටින     ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමුව තිබෙනවා. අද පස්වරුවේ විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වෙන බව එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සමග කියා සිටියා.
 

දකුණු කොරියාව සමග සිය රට යුද්ධයකට එළඹී ඇති බව උතුරු කොරියාව පෙරේදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එම නිලධාරියා කියා සිටියේ උතුරු කොරියාව විසින් හදිසි ප්‍රහාරයක් දකුණු කොරියාවට එල්ල කළහොත් එරට සිටින ශ්‍රී ලාංකිකයින් යළි සිය රට ගෙන්වා ගැනීමට සිදුවනු ඇති බවයි. ඒ සඳහා සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළා. මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී දකුණු කොරියාව තුළ සේවය කරන මෙරට ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 20 000 කට අධිකයි.


ලියාපදිංචි නොවී එරට තුළ විවිධ වෘත්තීන්වල නිරත ශ්‍රී ලාංකිකයින්ද සිටින බවට ද තොරතුරු ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව ඔවුන්ගේද ආරක්ෂාව තහවුරු කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීම බවයි එම නිලධාරියා තවදුරටත් කියා සිටියේ.



ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්
Thursday, 28 May 2020 - 11:45

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම්... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 351 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 11:29

කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 7 දෙනෙකු පූර්ණ... Read More