අර්ජුන යළි අයි.පීඑල්. එපා කියයි.

Monday, 01 April 2013 - 13:35

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගි නොවිය යුතු බව ශ්‍රිී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අර්ජුන රණතුංග යළි අවධාරණය කරනවා. ඉන්දීය එන්. ඞී. ටී වී ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අර්ජුන මේ බව ප්‍රකාශ කළා. ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර  ඇත්තේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් තමිල්නාඩු නායකයන් ක්‍රියාකරන බවයි. දේශපාලනය සහ ක්‍රීඩාව එකක් නොව දෙකක් බවයි ඔහු එම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කර ඇත්තේ.

මේ අතර මීට පෙරද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අයි පී එල් වර්ජනය කළ යුතු බව අවධාරණය කළා.

[MP3]s56360[/MP3]

දැනට තමිල්නාඩුවේ චෙන්නායි නුවර විරෝධතාවල නිරතව සිටින ශිෂ්‍යයන් තම උද්ඝෝෂණ ව්‍යාපාර දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඒ සඳහා සාකච්ඡා කිරීමට ශිෂ්‍ය සංගම් අද දිනයේදී විශේෂ සමුළුවක්ද කැඳවා ඇති බවයි. මීට දින කිහිපයකට පෙර සිට තමිල්නාඩුවේ ශිෂ්‍ය සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතව සිටිනවා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More