හකීම් නිදා ගත්තාට අපි නිදි නෑ. - මුජිබර් රහුමාන්.

Monday, 01 April 2013 - 20:04

%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%A2%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A.

හලාල් සහතිකය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කැබිනට් අනුකාරක සභාව අද (01) යළිත් වරක් රැස් වුණා. ඒ, එහි සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන්. හලාල් සහතිකය සම්බන්ධයෙන් ඇති වූ මතභේදකාරී තත්ත්වය පිළිබදව කරුණු සොයා බැලීම සඳහායි අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකාරක සභාව පත් කරනු ලැබුවේ. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායකට අමතරව මෙම කමිටුවට ඩිව් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන, චම්පික රණවක, විමල් වීරවංශ, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඒ.එච්.එම්. ෆවුසි යන අමාත්‍යවරුන් ඇතුළත්. කෙසේ වෙතත්, අද (01) පැවැති සාකච්ඡාවේදී හලාල් සහතිකය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන නැහැ. මෙම කමිටුව සකස් කරන වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත භාර දීමෙන් අනතුරුව හලාල් සහතිකය සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගනු ඇති බවයි එම අනු කාරක සභාවේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, පැපිලියාන මං සන්ධියේ පිහිටි වෙළඳ ආයතන ගොඩනැගිල්ලක් ඉදිරිපිට දී පසුගිය දා ඇති වූ සිදුවීමට පසුදින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් සිදුකළ ප්‍රකාශයකට කොළඹ අද (01) පැවැති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රතිචාර දක්වා සිටියා. මේ රවුෆ් හකීම් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සහ ඊට එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් දැක්වූ ප්‍රතිචාරයයි.

[MP3]s56378[/MP3]



කොරෝනා මරණවලින් බ්‍රසීලය හතරවන ස්ථානයට
Monday, 01 June 2020 - 9:50

ලොව හතර වන ස්ථානයට වැඩිම කොරෝනා මරණ වාර්තාවන රට බවට බ්‍රසීලය... Read More

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ  වාහන තදබදයක්
Monday, 01 June 2020 - 9:27

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 9:04

මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පෙරේදා වෙඩි... Read More