ඉඩම් ගැටළු ගැන සොයන්නැයි ජනපතිගෙන් උපදෙස්.

Monday, 01 April 2013 - 20:00

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A.

ඉඩම් ක්ෂේත්‍රයට අදාළ පනත් අදට ගැළපෙන අයුරින් සංශෝධනය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එම අමාත්‍යාංශයේ දී අද (01) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. ඒ, ඉඩම් පනත් අදට ගැළපෙන අයුරින් සංශෝධනය නොවීම නිසා ගැටළු පැන නැගී ඇති බවට අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් පෙන්වාදීමත් සමගයි.  

[MP3]s56379_1[/MP3]                                                             

ඉඩම් ගැටළු සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වන වාර්තා පිළිබදව සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙත උපදෙස් ලබා දුන්නා. ඒ, එවැනි ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වූ වාර්තා පිළිබද ජනාධිපතිවරයා හෙළි කිරීමත් සමග ඒවා අසත්‍ය බවට විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමගයි.

[MP3]s56379_2[/MP3]                                                              

මෙහිදී රජයේ ඉඩම් විවිධ පුද්ගලයින් විසින් අනවසරයෙන් පරිහරණය කිරීම පිළිබදව ද අවදානය යොමු වී තිබෙනවා. එමෙන්ම පසුගිය යුගය තුළ දී අසාධාරණ ලෙස රජයට පවරා ගත් එහෙත්, රජයේ කටයුතු සඳහා යොදා නොගන්නා ඉඩම් නැවත එහි හිමිකරුවන් වෙත  ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි ද මෙහිදී අවදානය යොමු වුණා. එමෙන්ම මෙහිදී ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් සඳහන් කළේ පලාලි වැනි අධි ආරක්ෂිත කලාපවල ඉඩම් අමාත්‍යාංශයට පවරාගෙන ඒවා අයිති පුද්ගලයින්ට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

[MP3]s56379_3[/MP3]  



ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදයි
Sunday, 31 May 2020 - 8:15

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. දුම්පානය... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් 25ක් නාවික සෙබළුන් - 37ක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන්
Sunday, 31 May 2020 - 8:10

ඊයේ දිනයේ වාර්තාවූ කොවිඩ් 19 ආසාදිතයන් 62 ගෙන් 37ක් විදෙස්ගතව... Read More

ළමා සුරක්ෂිතාව ඉහළ නැංවීමට සමීක්ෂණයක්
Sunday, 31 May 2020 - 7:51

ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම ඔවුන්ගේ සුරක්ෂිතතාවය... Read More