හොරෙන් කැන්ගරු දේශයට යන ශ්‍රී ලාංකිකයන් අඩු වෙයි.

Tuesday, 02 April 2013 - 8:00

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



 ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස පැමිණෙන සංක්‍රමණිකයන් අයත් රටවල සංයුතියේ වෙනසක් දක්නට ලැබෙන බව  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික බලධාරීන් පවසනවා. ඒ අනුව වියට්නාම සහ මියන්මාර ජාතිකයන් නීති විරෝධී ලෙස  ඕස්ටේි‍්‍රලියාවට පැමිණීම ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. බංග්ලාදේශයෙන් පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ මේ වන විට  ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණි බංග්ලාදේශ ජාතිකයින්ගේ සංඛ්‍යාව 250කට අධිකයි. එමෙන්ම වැඩිම නීති විරෝධී සංක්‍රමනිකයින් සංඛ්‍යාවක්  ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ඉරානයෙන්. පසුගිය වසරේ දී එලෙස එරටට වැඩිම නීතිවිරෝධී සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් පැමිණියේ ශ්‍රී ලංකාවෙන්. එහෙත් එම සංඛ්‍යාව දැන් අඩු වෙමින් පවතින බවයි  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික බලධාරීන් සදහන් කළේ. මේ සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවට මුහුදු තීරයේ දැඩි රැකවල්  සහ මුර සංචාර ක්‍රියාත්මක කිරීම මෙන්ම  ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලාංකික නීතිවිරෝධී සංක්‍රමණිකයින් ආපසු හරවා යැවීම මීට හේතු වී ඇති බව ඔවුන් කියා සිටියා. මේ වසරේ මේ වන විට  ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 95 දෙනෙකු පමණයි.



අද ප්‍රදේශ කිහිපයකට වැසි
Friday, 05 June 2020 - 6:04

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්ස්ථාන... Read More

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More