විදුලියට ලබාදෙන දැවි තෙල් මිලත් වැඩි කෙරේ.

Tuesday, 02 April 2013 - 12:40

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදෙන දැවි තෙල් මිල ඉහළ දමා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි මෙම මිල ඉහළ දැමීම සිදුකර ඇති බවයි. ඒ අනුව අඩු සල්ෆර් ප්‍රතිශතයක් අන්තර්ගත දැවි තෙල් ලීටරයක මිල රුපියල් 75 සිට 100 දක්වා ඉහළ දමා තිබෙනවා. මෙතෙක් රුපියල් 65කට ලබාදුන් වැඩි සල්ෆර් ප්‍රතිශතයකින් යුත් දැවි තෙල් ඊයේ දිනයේ සිට රුපියල්  90කට මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට සිදුව ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ. මෙය  විදුලිබිල කෙරෙහි බලපාන ආකාරය පිළිබද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල.

[MP3]s56411_1[/MP3]                                                                              

කෙරවලපිටිය ඞීසල් බලාගාරය සඳහා තෙල් ලබාදීම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පසුගිය දා අත්හිටවනු ලැබුවා. ඒ, මෙතෙක් ලබාදී ඇති ඉන්ධන සඳහා අය විය යුතු රුපියල් බිලියන 9කට ආසන්න මුදල නොලැබීම හේතුවෙන්. විදුලිබල මණ්ඩලයට ලබාදෙන දැවි තෙල්වල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ විදුලිබල මණ්ඩලයට සහන මිලට ඉන්ධන ලබාදීමෙන් තෙල් සංස්ථාවට සිදුවන විශාල පාඩුව අවම කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.
 
[MP3]s56411_2[/MP3]



කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More

කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ
Friday, 29 May 2020 - 11:11

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස්... Read More

නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව 361ක් දක්වා ඉහළට
Friday, 29 May 2020 - 11:09

කොරෝනා ආසාදනය වී නාවික හමුදා සාමාජිකයන් 4 දෙනෙකු පූර්ණ සුවය... Read More