තමන් සහ දකුණු කොරියාව සුරක්ෂිතයි. - ජෝන් කේරී.

Wednesday, 03 April 2013 - 8:13

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%93.

උතුරු කොරියාවෙන් එල්ල වන  ඕනෑම යුදමය තර්ජනයකදී තමන් සහ දකුණු කොරියාව සුරක්ෂිත බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ දකුණු කොරියාවේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාව වශයෙන් ගත හැකි සිය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි. උතුරු කොරියාව විසින් සිය තුන් වන න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකිරීමත් සමග ඇමරිකාව හා දකුණු කොරියාව සමග පවතින මතගැටුම් උග්‍ර තත්ත්වයකට පැමිණියා. පසුගිය දා උතුරු කොරියාව විසින් දකුණු කොරියාව යුදමය ක්‍රියාමාර්ගයකට සූදානම් බව ද ප්‍රකාශයට පත් කළා. මේ වන විටත් උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු ප්‍රහාරක නෞකාවක් දකුණු කොරියානු මුහුදු තීරයේ මේ වනවිට ස්ථානගත කර ඇති බව දකුණු කොරියානු ආරංචි මාර්ග සදහන් කළා.



චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More

ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්
Sunday, 12 July 2020 - 10:54

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More