විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොරියානු තානාපති සබඳතා තර කරයි.

Thursday, 04 April 2013 - 12:57

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

කොරියානු අර්ධද්වීපය තුළ මතු වෙමින් පවතින යුද උණුසුම සැළකිල්ලට ගෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එරට තානාපති අංශ සමග නිරන්තර සබඳතා පවත්වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. කිසියම් හෝ හදිසි අවශ්‍යතාවයක් මතුවුවහොත් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ක්‍ෂනිකව දැනුම්දීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් සකස් කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

කෙසේ වුවද මේ වනතුරුත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් පවතින බවට දකුණු කොරියානු රජය විසින් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියා. මේ පිළිබඳව අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්ද කරුණු විමසූ අතර එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සඳහන් කළේ උතුරු කොරියාවේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිරන්තර අවධානයෙන් පසුවන බවයි. දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගන්නා අතරම එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳවද තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බව ඇය කියා සිටියා.

 
ඇමරිකාව වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට කොරියානු හමුදාව වෙත අවසර ලැබී ඇති බව විදෙස් වාර්තා අද අනාවරණය කළා. ඊට ඇමරිකාවද ප්‍රතිචාර දක්වා තිබෙනවා. මෙම පසුබිම හමුවේ කොරියානු අර්ධද්වීපය තුළ මතුව ඇත්තේ යුද උණුසුමක්.



යුරෝපා සංගමය සහ දකුණු කොරියාව කොරෝනා ඖෂධයක් රැස් කරයි
Saturday, 30 May 2020 - 10:32

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ලබාදීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කර... Read More

මිරිස්ස ධීවර වරාය අසළ වෙඩි තැබීමක්
Saturday, 30 May 2020 - 9:58

වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි... Read More

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More