උගත් පාඩම් ක්‍රියාත්මක කරන්න වසර එකහමාරක්වත් අවශ්‍යයිලූ.

Thursday, 04 April 2013 - 19:17

%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%96.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් සභාවේ නිර්දේශ තවත් වසර එකහමාරක් ඇතුළත ක්‍රියාත්මක කර අවසන් කරන බව රජය පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට කොළඹ දී අද (04) එක්වෙමින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ මේ වනවිටත් එහි නිර්දේශ රැසක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

 

[MP3]s56551_1[/MP3]         

 

තම අමාත්‍යාංශය විදුලිබල අමාත්‍යාංශයට දීර්ඝ කාලයක් තිස්සේ අඩු මිලට දැවි තෙල් ලබාදුන් බව මෙහිදී ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා. ඒ, තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට ලබාදෙන දැවි තෙල් මිල ඉහළ දැමුවේ, විදුලි බිල වැඩි කිරීම සඳහාද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

 

[MP3]s56551_2[/MP3]
 

තමිල්නාඩුව නිසා සමස්ත ඉන්දියාව සමගද මතභේද ඇති කර ගැනීම ඥානාන්විත ක්‍රියාවක් නොවන බවයි මෙහිදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ. අයි.පී.එල්. තරගාවලිය සඳහා මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගීවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

[MP3]s56551_3[/MP3]                                                            

 

මේ අතර, උදයන් පුවත්පතේ කිලිනොච්චි කාර්යාලයට ඊයේ (03) එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පොලිසියට බලතල පවරා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

 

[MP3]s56551_4[/MP3]    



‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් වන්දි
Thursday, 04 June 2020 - 19:40

ද ෆිනෑන්ස් සමාගමේ සියලූම තැන්පත්කරුවන්ට ජුනි 7 වනදා සිට පළමු... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1790 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 19:34

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සියල්ල සූදානම්
Thursday, 04 June 2020 - 19:27

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ අනුබුදු මිහිඳුමාහිමියන්ගේ... Read More