විධායක ජනාධිපතික්‍රමය හදිසියේ වෙනස් කළ නොහැකියි. - රජය

Friday, 05 April 2013 - 8:10

%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වූ යෝජනාවලියක්, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත්. මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත මෙම යෝජනාවලිය පිළිගන්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ විසින්. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කරනු ලැබුවේද ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන්. ඒ සම්බන්ධයෙන් ඔහු මෙලෙස පැහැදිලි කළා.

[MP3]s56564_1[/MP3]

අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් වෙත යෝජනාවලිය පිළිගන්වනු ලැබුවේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින්. එහිදී උන්වහන්සේ මෙලෙස අදහස් පළ කළා.

[MP3]s56564_2[/MP3]

මේ අතර, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට කොළඹ දී ඊයේ එක්වු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදිස්සියේ වෙනසකට ලක් කළ නොහැකි බවයි.

[MP3]s56564_3[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More