ශ්‍රී ලංකාව සමග මිතුදමට අවදානමක් දරනවා. - ඉන්දියාව.

Friday, 05 April 2013 - 8:12

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%AF%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.



ශ්‍රී ලංකාව සමග මිතුරුදම අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජය අවදානමක් දරා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ප්‍රකාශ කළා. ඉන්දියාව තුළ ඇතැම් කණ්ඩායම් ශ්‍රී ලංකාවට එරෙහි දැඩි පියවර ගත යුතු බව අවධාරණය කරනවා. තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ගත් යෝජනාව එවැන්නක්. මානව හිමිකම් මණ්ඩලයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂපාතී වුණා. එවැන්නක් ජගත් සංවිධානය තුළ ද සිදුකළ යුතු බව ඇතැම් කණ්ඩායම්වල අදහසයි. එවැනි පියවරකදී ඉන්දියාව මුල්තැන ගත යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියා. එහෙත් ඉන්දියාව එවැනි පියවරකට එළැඹුනේ නැහැ.  ඉන්දියාවේ එම ස්ථාවරයට ශ්‍රී ලංකාව තුළින් ද ප්‍රසාදය පළ වන බව තම අදහස යැයි ඔහු සඳහන් කළා. එමෙන්ම, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව ඉන්දියාව අවධානයෙන් සිටිනවා. ශ්‍රී ලංකාව සමඟ මිතුරුදම පළුදු වීමට ඉන්දියාව කිසිසේත් අවස්ථාව ලබා නොදෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් අවධාරණය කළා.



බලපත්‍ර රහිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 10:48

වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සිලාවතුර පොලීසිය... Read More

වෛරසය සමඟ ජීවත් වන්න හුරු වන්න, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනතාවට කියයි
Tuesday, 02 June 2020 - 10:16

කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී... Read More

මාළිගාවත්ත වෙඩි තැබීම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:50

මාළිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට... Read More