තිලංගගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.

Friday, 05 April 2013 - 13:14

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය සඳහා තිලංග සුමතිපාල ලබාදුන් නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස     ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව තිලංග සුමතිපාල ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය අද (05) නිෂ්ප්‍රභ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තිලංග සුමතිපාල ඉදිරිපත් කර තිබූ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවයි එම පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර ඇත්තේ. අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු ශ්‍රී ස්කන්ධරාජාගේ ප්‍රධානත්වයෙන් මෙම පෙත්සම සලකා බැලූණු අතර තිලංග සුමතිපාලගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව රීට් ආඥාවක් නිකුත් කිරීම එහිදී ප්‍රතික්ෂේප කෙරුණා. ප්‍රධාන පෙලේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 3 ක් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට තරඟ වැදීමට විරෝධය පළ කළා. එමෙන්ම, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ විසින් පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුව මගින් ද තිලංග සුමතිපාල ඒ සඳහා නුසුදුසු පුද්ගලයෙකු බවට නිර්දේශ කරනු ලැබුවා.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More