ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට.

Friday, 05 April 2013 - 13:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් ඒකාබද්ධ පාර්ලිමේන්තු කණ්ඩායමක් ලබන සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඔවුන් සිය සංචාරයේදී දැනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය සහ තමිල්නාඩුවේ පවතින ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාරයන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතයි. මෙම ඒකාබද්ධ පාර්ලිමේන්තු කණ්ඩායමට තමිල්නාඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් එක් නොවනු ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම මෙරට දේශපාලන නායකයින් හමුවීමට නියමිත අතර ඔවුන් උතුරු පළාතේ ද සංචාරය කිරීමට නියමිතයි. කෙසේ වුවත්, මෙම ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායමට ඇතුළත් මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ද මෙරටට ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායමක් පැමිණි අතර එහි නායකත්වය එරට විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් විසින් හොබවනු ලැබුවා.



කඩවතදී අත්අඩංගුවට ගත් නාකොටික් IP තවමත් CID යේ
Tuesday, 07 July 2020 - 19:32

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී කඩවත... Read More

කටාර් ඝාතනය ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් දේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්තාවක්
Tuesday, 07 July 2020 - 19:10

මේ අතර කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු... Read More

මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන් (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 18:53

මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු... Read More