ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට.

Friday, 05 April 2013 - 13:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් ඒකාබද්ධ පාර්ලිමේන්තු කණ්ඩායමක් ලබන සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඔවුන් සිය සංචාරයේදී දැනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය සහ තමිල්නාඩුවේ පවතින ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාරයන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතයි. මෙම ඒකාබද්ධ පාර්ලිමේන්තු කණ්ඩායමට තමිල්නාඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් එක් නොවනු ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම මෙරට දේශපාලන නායකයින් හමුවීමට නියමිත අතර ඔවුන් උතුරු පළාතේ ද සංචාරය කිරීමට නියමිතයි. කෙසේ වුවත්, මෙම ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායමට ඇතුළත් මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ද මෙරටට ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායමක් පැමිණි අතර එහි නායකත්වය එරට විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් විසින් හොබවනු ලැබුවා.



සේවක ගැටළුවක් නිසා බේකරි හිමියන් අර්බුදයක - මිල ඉහළ දැමීමටත් සූදානම්
Tuesday, 02 June 2020 - 8:08

කොරෝනා වෛරසයත් සමඟ තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම... Read More

55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වැඩ භාර ගනී
Tuesday, 02 June 2020 - 8:04

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී... Read More

විරෝධතා මැඬලීමට ට්‍රම්ප්, සන්නද්ධ හමුදා කැදවීමට සැරසේ
Tuesday, 02 June 2020 - 8:07

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More