චීන න්‍යෂ්ටික සබ්මැරීන ශ්‍රී ලංකා මුහුදේ. - ඉන්දියාව.

Saturday, 06 April 2013 - 8:14

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.



චීන න්‍යෂ්ටික සබ්මැරීන ඉන්දියන් සාගරයේ නිරන්තයෙන් සැරි සරන බවත් ඒවා ශ්‍රී ලංකාව මුහුදට ද පැමිණ ඇති බවත්, ඉන්දියාව පවසනවා. ඉන්දීය නාවික හමුදාව උපුටා දක්වමින් ඉන්දියා ටුඬේ පුවත්පත සඳහන් කළේ චීනය ඉන්දීය සාගරය වටා පැලදවීමට සැරසෙන මුතුමාලය ඉන්දියාව අපේක්ෂා කරන කාලයට වඩා කඩිනමින් සිදුවනු ඇති බවයි. චීනය විසින් ඉන්දීය සාගරයේ වරාය රැසක් එක්කරමින් සම්බන්ධතා ජාලයක් ගොඩනැගීම ඉන්දියාව චීනයේ ස්ටි‍්‍රං ඔෆ් පර්ල්ස් නැතිනම් මුතුමාලය ලෙස හැදින්වෙනවා.

 
ඉන්දීය නාවික හමුදාව පවසන්නේ පසුගිය කාලය තුළ චීන න්‍යෂ්ටික සබ්මැරීන විසි දෙවාරයක් ඉන්දීය සාගරයට පැමිණ ඇති බවයි. ඉන් එකක් පසුගිය පෙබරවාරියේ අන්දමන් සහ නිකොබාර් දිවයින් ආසන්නයට පැමිණ තිබෙනවා. ඒ බව ඉන්දීය සාගරයේ ඉන්දියානු සහ ඇමරිකානු රේඩාර් පද්ධති මගින්  ග්‍රහණය කරගෙන ඇති බව ද ඉන්දියා ටුඬේ පුවත්පත සදහන් කළා. චීන න්‍යෂ්ටික සබ්මැරීන ශ්‍රී ලංකාවට දකුණින් වූ මුහුදු තීරයට 13 වතාවක් පැමිණ ඇති බවයි එමගින් ප්‍රකාශ කළේ. කෙසේ නමුත් මෙම වාර්තාව පිළිබද නිළ ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



බකමූණේ අනතුරකින් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මරුට
Tuesday, 02 June 2020 - 13:00

දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ දමනයාය ප්‍රදේශයේදී අද උදෑසන... Read More

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගෙන්, ස්ථාන 6ක පුහුණු කඳවුරු 10ක් - ජනපති කොමිසමේදී හෙළිවේ
Tuesday, 02 June 2020 - 12:57

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් දිවයිනේ ස්ථාන 06කදී කඳවුරු... Read More

සහල් මාෆියාවෙන් තවමත් බැටකන පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළෙන්දන් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 12:56

සුදු කැකුළු ,නාඩු ,සම්බා ,සහ කීරි  සම්බා  සහල්  සඳහා රජය විසින්... Read More