මුව දඩයමේ ගිය හමුදා සෙබලූන්ට වැඩ වරදී.

Saturday, 06 April 2013 - 12:34

%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.


                    

කන්තලේ - වාන් ඇල ප්‍රදේශයේදී මුවන් දෙදෙනෙකු සහ හාවෙකු වෙඩි තබා ඝාතනය කර ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සෙබළුන් සිව්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම කන්තලේ ජයන්තිපුර ප්‍රදේශයේ මාර්ග බාධකයකදී කැබ් රථයකින් මෙම මුවන් සහ හාවා ප්‍රවාහනය කරමින් සිටියදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ අතර කන්තලේ - ගංතලාව යුද හමුදා කඳවුරට අනුයුක්ත හමුදා භටයින් සිව්දෙනෙකු සහ එහි සිවිල් රාජකාරියේ නිරතවන පුද්ගලයෙකුද වන බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් පස්දෙනා අද දහවල් කන්තලේ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද වාන් ඇල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහලට
Tuesday, 02 June 2020 - 19:01

ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 18:32

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මොරටුවේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම් ඉල්ලූ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 18:13

පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ලවූ මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ... Read More