උතුරේ මහ ඇමති ගැන TNA දෙගිඩියාවෙන්.

Saturday, 06 April 2013 - 12:36

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+TNA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන තම මහ ඇමති අපේක්ෂකයා පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාට අදාළ අපේක්ෂකත්වය හිමිවන බවට විවිධ වාර්තා පළවුණා. එහෙත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙතෙක් උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දෙමළ සන්ධානය අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. මහ ඇමති අපේක්ෂකයා තෝරාගැනීම සම්බනධයෙන් මේ වනවිට දෙමළ සන්ධානය නියෝජනය කරන පක්ෂ අතර සංවාදයක් පවතින බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව ආණ්ඩුව පැහැදිළි ප්‍රකාශයක් සිදුකළ පසු ඊට අදාළ සාකච්ඡා ආරම්භ කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ උතුරේ මහ මැතිවරණය ඉලක්ක කරගත් තම දේශපාලන ව්‍යාපාරය මේ වනවිටත් සැළසුම් කර ඇති බවයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අප්‍රේල් 25 වැනිදා සිට 28වැනිදා දක්වා යාපනයේ සංචාරයකද නිරතවනවා. එහිදී ඔවුන් උතුරේ ජනතාව සමග මෙන්ම එහි ප්‍රාදේශීය නායකයන් සමගද අදහස් හුවමාරු කරගනු ඇති. එම කටයුතුවලින් අනතුරුව උතුරු පළාතේ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් පිළිබඳ තීරණයක් ගන්නා බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

උතුරු පළාත් සභා මැතිවරණය මේ වසර අවසන්වීමට පෙර පවත්වන බව රජය පසුගියදා ප්‍රකාශ කළා. බොහෝ දුරට එය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.



ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැය 9ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් සංගක්කාර පිටව යයි
Thursday, 02 July 2020 - 18:39

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 18:32

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Thursday, 02 July 2020 - 18:16

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More