චෙන්නායි ශ්‍රී ලංකා නව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට වීසා ප්‍රමාදයි.

Sunday, 07 April 2013 - 12:39

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.



චෙන්නායි හි නව නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කර ඇති සබ්රුල්ලා ඛාන්ට ඉන්දියාව මෙතෙක් රාජ්‍ය තාන්ත්‍රික වීසා බලපත්‍ර නිකුත් කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ බව අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම විසින් ද සනාථ කළා. නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වෙනුවෙන් වීසා අයදුම්කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බරයේදීයි. දැන් මාස 03 කට වැඩි කාලයක් ගතවූවද, නව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහා ඉන්දීය රජය වීසා බලපත්‍ර නිකුත් කර නොමැති අතර, ඒ වෙනුවෙන් පැහැදිලි හේතුවක්ද ඉදිරිපත් කර නැහැ. මේ නිසා නව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට චෙන්නායි හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරතවීමට නොහැකි වී තිබෙනවා. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳව කටයුතු කරන්නේ ඉන්දීය මධ්‍යම රජය විසින් බවයි. ඉන්දියාව විසින් මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුට වීසා බලපත්‍ර නිකුත් කිරීම සඳහා ගෙන ඇති වැඩිම කාලයද මෙයයි.

 
චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස දැනට තාවකාලිකව කටයුතු කරන්නේ අමීර් අජ්වාඞ්. ඒ සඳහා නම් කර ඇති සබ්රුල්ලා ඛාන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට කටයුතු කරනවා. චෙන්නායිහි දැන් මතුවී තිබෙන ශ්‍රී ලංකා විරෝධය හේතුවෙන් මෙලෙස නව නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වෙත රාජ්‍ය තාන්ත්‍රික වීසා බලපත් නිකුත් කිරීම පමාවීම ගැටලූකාරි තත්ත්වයක් බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More