ඉන්දීය සර්ව පාක්ෂික නියෝජිත පිරිස අද දිවයිනට. - සංචාරයෙන් වළකින්නැයි ඔවුන් වෙත ඉල්ලීමක්.

Monday, 08 April 2013 - 7:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.+-+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ඉන්දීය පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික නියෝජිත කණ්ඩායමක් අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසනවා. මේ අතර ඉන්දීය මධ්‍යම රජයේ පරිසර අමාත්‍ය ජයන්ති නටරාජන් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත මෙම සංචාරය අවලංගු කරන ලෙස සර්වපාක්ෂික නියෝජිත කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇය සඳහන් කර ඇත්තේ මෙම සර්ව පාක්ෂික නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරය කළහොත් එය දෙමළ ජනතාව සිත් තැවුලට පත්වන කරුණක් විය හැකි බවයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගමගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මෙම ඉන්දීය සර්ව පාක්ෂික නියෝජිත පිරිස අද දිනය තුළ දිවයිනට පැමිණීමට නියමිත බවයි. ඉන්දීය සර්ව පාක්ෂික නියෝජිත පිරිස දිවයිනට පැමිණෙන බවට මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා දැනුම්දීමක් සිදුකර ඇති බව ද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළා.

 

මෙම සර්වපාක්ෂික නියෝජිත කණ්ඩායම ලබන 12 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර ඔවුන් යාපනයේ ද සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරය සංවිධාන කර ඇත්තේ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයයි. ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන් සිය යාපන චාරිකාවේදී ඉන්දියාවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන නිවාස වැඩපිළිවෙල ද අධීක්ෂණයට ලක් කරනු ඇති.



අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More