ඉන්දීය ධීවරයන් මුදාගන්න. තමිල්නාඩුවෙන් ඉන්දීය රජයට බලපෑම්.

Monday, 08 April 2013 - 12:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට ගෙනඒමට සැළසුම් කළ යෝජනාවට සහය නොදැක්වීම පිළිබඳව භාරතීය ජනතා පක්ෂයට චෝදනාවක් එල්ලවනවා. භාරතීය ජනතා පක්ෂයට මෙම චෝදනාව එල්ල කරන්නේ ඉන්දීය මුදල් අමාත්‍ය පී. චිදම්බරම් විසින්. මෙම යෝජනාවට භාරතීය ජනතා පක්ෂයට අමතරව වාමාංශික පක්ෂ කිහිපයක්ද විරෝධය පළ කළා.

 
 

ඉන්දීය මුදල් අමාත්‍ය පී. චිදම්බරම් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ගැටළුව මුල්කරගනිමින් තමිල්නාඩු දේශපාලන පක්ෂ කොංග්‍රස් රජය මෙහෙයවීමට උත්සාහ දරන බවයි. මේ අතර නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන් මුදාගැනීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං වෙත ලිපියක් යොමුකර තිබෙනවා. මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවරයන් 50 දෙනෙකු අවස්ථා දෙකකදී නාවික හමුදාව විසින් ඊයේ සහ පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

 

මෙහිදී ධීවරයන් පැමිණි ට්‍රෝලර් යාත්‍රාද නාවික හමුදා භාරයට පත්වූ අතර ඔවුන් ඊයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙම සිදුවීම පදනම් කරගනිමින් තමිල්නාඩු මහ ඇමතිනිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ පවතින විරෝධය  මේ හේතුවෙන් තවදුරටත් ඉහළ යා හැකි බවයි. එබැවින් ලක් රජය සමග සාකච්ඡා කර ධීවරයන් මුදාගැනීම සඳහා මැදිහත්වන ලෙස ජයලලිතා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

 

අත්අඩංගුවට පත් ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලා රාමේෂ්වරම් හි ධීවරයන් අද දිනයේ ධීවර කටයුතුවලින් වැලකී සිටීමට තීරණය කර තිබෙනවා. ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූවට විසඳුමක් ලෙස සමුද්‍රීය ගැටලූ නිරාකරණය කිරීමේ අධිකාරියක් පිහිටුවිය යුතු බවට යෝජනාවක් ද පසුගියදා ඉදිරිපත් වුණා. එය ඉදිරිපත් කර ඇත්තේ ඉන්දීය ජාතික ධීවර කම්කරු සංසදයේ මහලේකම් එම්.ඉලංගෝ විසින්. ඒ සඳහා ඉන්දීය මධ්‍යම රජය මෙන්ම ශ්‍රී ලංකා රජය ද මැදිහත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

ඉන්දීය පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික නියෝජිත කණ්ඩායමක් අද  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

 
මෙම සර්වපාක්ෂික නියෝජිත කණ්ඩායම ලබන 12 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර ඔවුන් උතුරේ සංචාරයකද නිරත වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ. මෙම නියෝජිත කණ්ඩායමට ටි‍්‍රනමුල් කොංග්‍රසයේ සුගතා රෝයි, කොංග්‍රස් පක්ෂයේ සංගීත් ඩික්ෂිත් සහ ගෞඞ් යශ්කි, බී.ජේ.බී පක්ෂයේ අනුරන්ග් ටාකූර් සහ ප්‍රකාශ් ජවේඞ්කර් මෙන්ම, බහුජන සමාජවාදී පක්ෂයේ ධනංජේ සිං යන ලෝක් සභා මන්ත්‍රීවරුන් ඇතුළත්.ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මෙම සංචාරය සංවිධානය කර තිබෙනවා.



තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1800 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 17:19

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 16:54

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

කොකුම් පොතු ජාවාරමක නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Friday, 05 June 2020 - 16:47

බගවන්තලාව - මහඑළිය රක්ෂිතයේ දුර්ලභ ශාකයක් වන කොකුම් ශාකයේ... Read More